බුදු දහමෙ භාවනා වර්ග.


සාමාණ්‍යයෙන් භාවනා පිළිබද විස්තර ඇතුලත් කර ඇති පොත් පත් බොහොමයක ප්‍රවෙශය සටහන් තබනුයේ භාවනාව යනු කුමක්ද යන මැයිනි. එසේ වුවද මා මෙහිදි ඒ පිළිබදව සටහනක් නොතබන අතර භාවනාව යනු කුමක්ද යන්න ඔබ විසින්ම අත් දැක පිළිතුර සොයාගන්නා මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඒ සදහා මෙම ලිපි පන්තිය ඔබට සහය වනු ඇත.


බුදු දහම මුලික ලෙස භාවනා වර්ග දෙකක් ගෙන හැර දක්වයි. එනමි සමථ භාවනා හා විදර්ශනා භාවනා වශයෙනි. සරල වශයෙන් අර්ථය පහදතොත් සමථ භාවනාවෙන් කරණුයේ තැන් තැන් වල විසිරි (වික්ෂිප්තවී) අරමුනෙන් අරමුනට පැන යන සිත සන්සුන් කිරිමයි. එක අරමුනකට ගෙනවිත් ශාන්ත කිරිමයි. මෙම භාවනා දියුනු තියුනු තත්වයට පත් කිරිම මගින් ධ්‍යාන වැනි තත්වයන්ට සිත පත්කල හැකියි. තවත් දියුණු කිරිමෙන් අභිඥා ආදිය ලැබිය හැකියි. මෙම සමථ භාවනා කමටහන් 40 ක් බුදුදහම තුල බුදුපියාණන්විසින් විස්තර කොට ඇත.


කමටහන් (භාවනා අරමුණු)

කසිණ භාවනා                     10

01)පථවි කසිණය- පෘථිවිය අරමුණට ගැනිම
02)අපෝ කසිණය- ජලය අරමුණට ගැනිම
03)තේජෝ කසිණය- ගින්න අරමුණට ගැනිම
04)වායෝ කසිණය- වායුව අරමුණට ගැනිම
05)නිල කසිණය- නිල් පැහැය අරමුණට ගැනිම
06)පිත කසිණය- කහ පැහැය අරමුණට ගැනිම
07)ලෝහිත කසිණය- රතු පැහැය අරමුණට ගැනිම
08)ඔදාත කසිණය- සුදු පැහැය අරමුණට ගැනිම
09)ආලොක කසිණය- ආලොක්ය අරමුණට ගැනිම
10)ආකාස කසිණය- අවකාශය අරමුණට ගැනිම


අසුභ භාවනා                      10

01)උද්ධුමාතක -ඉදිමි ගිය මළ සිරැර පිළිබද කමටහන
02)විනීලක- ඉදිමි නිල් පැහැ ගැනුන මළ සිරැර පිළිබද කමටහන
03)විපුබිබක- සැරව වැගිරෙන මළ සිරැර
04)විචිඡිද්දක- සිදුරැවි ගිය මළ සිරැර
05)වික්කායිතක- සතුන් විසින් කඩා කෑ මල සිරැර
06)වික්ඛිත්තක-සතුන් විසින් ඇද විසිරැණ මළ සිරැර
07)හතවික්කිත්තක-කැබලි කැබලි තැන තැන විසිරි ගිය මල සිරැර
08)ලොහිතක- ලේ සැරව වැගිරෙන මළ සිරැර
09)පුලවක-පනුවන් වැසු මළ සිරැර
10)අටිඨික-අැට සැකිල්ල පමණක් ඉතිරිවු මල සිරැර


අනුස්සති භාවනා                10

01)බුද්ධානුස්සති- බුදු ගුණ අරමු‍ණු කිරිම
02)ධමිමානුස්සති- දහමි ගුණ  අරමුණු කිරිම
03)සංඝානුස්සති- සංඝයාගේ ගුණ අරමුණු කිරිම
04)සීලාන්ස්සති- තමා රැකි සිලයේ ගුණ අරමුණු කිරිම
05)චාගානුස්සති- තමා දුන් ත්‍යාගයේ (දානයේ) ගුණ ආනිසංශ අරමුණු කිරිම
06)දේවතානුස්සති- දෙවියන් දෙවි බව ලැබිමට ඔවුන් කල යහ ගුණ අරමුණු කිරිම
07)උපසමානුස්සති- නිවනෙන් සියලු දුක් කෙලවර වන බව අරමුණු කිරිම
08)මරනානුස්සති- මරණය පිළිබදව අරමුණු කිරිම
09‍)කායගතාසති- හරිරයේ දෙතිස් කුනුප සිහිකිරිම (පිළිකුල් භාවනාව)
10)ආනාපානසති- ආශ්වාස ප්‍රශ්වාසය අරමුණු කිරිම


බ්‍රහ්මවිහාර භාවනා              04

01)මෙත්තා- සත්ත්වයන් හට මෙත් පැතිරවිම
02)කරැණා- දුකට පත්වු සත්ත්වයන් කෙරෙහි කමිපා වන ස්වභාවය
03)මුදිතා- සතුටට පත් සත්වයින් දැක සතුටු විමෙ ස්වභාවය
04)උපෙක්ඛා- දුක්-සැප දෙකෙහි මධ්‍යස්ථ ස්වබාවය මෙනෙහි කිරිම.


ආරැප්ප භාවනා                       04

01)ආකාසානඤ්චායතනය- ආකාශය අන්ත යැයි අරමණු කිරිම
02)විඤ්ඤාණඤ්චායතනය- විඤ්ඤානය අරමුනු කිරිම
03)ආකිඤ්චඤ්ඤායතනය- කිසිවක් නැතැයි අරමුණු කිරිම
04)නේවසඤ්ඤානාසඤ්ඤායතනය- සංඤාවක් ඇති නැති බව අරමුණු කිරිම

ආහාරයේ ප්‍රතිකූල සංඥාව    01

අප ශරිරය පෝෂනය සදහා ගන්නා කැබලිකාර වු ආහාරයේ පිළිකුල් බව මෙනෙහි කිරිම

චතුධාතු වවත්ථානය            01

ජිවි වුත් ආජෛව වුත් සියල්ල පථවි, අපෝ, තේජෝ, වායු, ආකාශ යන කොටස් වලට බෙද බෙදා බැලිම.

එකතුව                              40

මෙම සැම සමථ කමටහනක්ම (කමටහන යනු භාවනාව සදහා ගන්නා අරමුණයි) පහසුවෙන්ම විදර්ශනාවට හැරවිය හැකි අතර විදර්ශනාව සදහා ගත හැකි අරමුණු අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් ඇත.ආනාපාන,මෛත්‍රි වැනි සමථ භාවනාවන් බුදු  සසුනේ පිට හින්දු දර්ශනය තුල වුවද ඇති නමුත් විදර්ශනා භාවනාව ලැබිය හැක්කේ බුදුවරයෙකුගේ පහල විමෙන් පසු පමණි. එබැවින් බෞද්ධයන් සියලු දෙනාම පාහේ විදසුන් වැඩිය යුතුය. දන් දි මල් පුජා කර නිවන් යන්ට ලක්ෂවාරයක් පැතුවද එය ඉශ්ඨ කර ගැනිම අපහසු කරැණකි. නිර්වානය සදහා විද්‍යා හා චරනයන් සමිපුර්ණව තිබිය යුතුය. විද්‍යාව යනු විදර්ශනා ආදිය වඩා බණ උගන භාවනා කොට පංචස්කන්ධ ධර්මයන් පි‍ළිබදව යථා අවබෝධයක් ලබා තිබිය යුතුයි. චරන යනු මල් පහන් ආදිය පිදිම, දන් පැවැත්විම ආදිය කොට නිර්වානය සදහා පරමිතා සමිපුර්ණ කර තිබිය යුතුයි.

විදර්ශනාව තුලින් කරනුයේ සත්‍ය දර්ශනය දැකිමයි. ඇත්ත ඇති සැටියෙන් දැකිමට කරනා භාවනාව එසේත් නැතහොත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වනුයේ එසේත් නැත්නමි පටිච්ඡසමුත්පාදය දැකිය හැක්කේ විදර්ශනා භාවනාව තුලින් පමණි. විදර්ශනාවෙ ප්‍රතිඵලය වනුයේ මාර්ග-ඵලයන්ට පිවිසිමයි.

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola